Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකා වියට්නාම අගමැතිවරුන් අතර හමුවක්  

Add comments

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර රාජ්‍ය සබඳතා පමණක් නොව පාර්ලිමේන්තු  දේශපාලන පක්ෂ හා ජනතාව අතර සබදතා ද ශක්තිමත් කළ යුතු බව වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් මහතා පවසනවා. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවේදීයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

වියට්නාම අග්‍රාමාත්‍ය  ග්යෙන් ෂුන් ෆුක් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාව පැවැත්වුණේ වියට්නාම අග්‍රාමාත්‍ය කාර්යාලයේ දීයි. දෙරට අතර ආර්ථික, දේශපාලන, ආගමික, සමාජීය හා ව්‍යාපාරික අංශ අතර හුවමාරු වැඩසටහන් ආරම්භ කිරීම පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණා. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උත්සවය වියට්නාමයේ හැනොයි නගරය කේන්ද්‍රකර ගනිමින් ලබන වසරේදී පැවැත්වෙනවා. ඒ සදහා ශ්‍රී ලංකාවේ සහාය ලබාදෙන ලෙසද ඉල්ලීමක් කෙරුණා. බෞද්ධ නියෝජිත පිරිස් හුවමාරුකර ගැනීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. දෙරටේ ඓතිහාසික සබදතා පිළිබද සොයා බැලීමට ඒකාබද්ධ විද්වත් කමිටුවක් කඩිනමින් පිහිටු විය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

වියට්නාම ජාතිකයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ අපේක්ෂාවෙන් සිටිනවා. ඒ හේතුවෙන් සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරුණා. ඒ සදහා අවශ්‍ය සියලු පහසුකම් සපයන බවයි රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ. දෙරට අතර වීසා රෙගුලාසි තවදුරටත් ලිහිල් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් ලබන නොවැම්බර් මාසයේ දී වියට්නාමයේ සංචාරයකට එක්වීමට නියමිතයි. අනතුරුව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හුවමාරු වැඩසටහන් සංවිධාන කිරීමට මෙහිදී තීරණය කෙරුණා. දෙරට අතර ධීවර කර්මාන්තය පිළිබද අවබෝධතා ගිවිසුමක් සකස් කිරීමට අග්‍රාමාත්‍යවරුන් එකඟ වුණා. ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බවට අග්‍රාමාත්‍යවරුන් සහතික කළා. අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG