Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාමල් ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කල් යයි  

Add comments

අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන තිහක මුදලක් විශුද්ධිකරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස නව වනදාට කල් තැබුනා. කොළඹ මහාධිකරණයයි නියෝගය නිකුත් කළේ. රුපියල් මිලියන තිහක මුදලක් විශුද්ධිකරණය කර ඇත්තේ ගවර්ස් කෝපරේට් සර්විස් සමාගම හරහායි.

අද දින මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන බොන්ස්ටන් කැප්ටල් පුද්ගලික සමාගමේ සභාපති මොහාන් ඊරියගොල්ල මහතාගෙන් විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් හරස් ප්‍රශ්න විමසුවා. රජය වෙනුවෙන් සාක්ෂි ලබාදීමට පගාවක් ගත් බවට විත්ති පාර්ශ්වය කළ යෝජනාව සාක්ෂිකරු ප්‍රතික්ෂේප කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඔනෙලා ඉරේෂා ද සිල්වා, සුජානි බෝගොල්ලාගම සහ නිත්‍යා සේනානි යන අය මහාධිකරණයේ අද පෙනී සිටියා. මෙම නඩු විභාගය ආරම්භයේ සිට මහේස්ත්‍රාත් අධිකරණය මගහරිමින් සිටින ඉන්දික කරුණාජීව යන අය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා මීට පෙර විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG