Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා දූෂණ විමර්ශන කොමිසම රැස්වෙයි  

Add comments

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා යන සමාගම්වල සිදුවී ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම අද රැස්වුණා. අද කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය කළමනාකරණ ප්‍රධානී යසන්ත දිසානායක මහතායි. 2011 වසරේ ජුලි මස 12 වන දින දරණ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ව්‍යාපාරික සැලසුමක් සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 500 ක මුදලක් ඉල්ලා තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය ද නිරීක්ෂණ ඉදිරිපත්කර එයට අවසර ලබාදී තිබෙන බව යසන්ත දිසානායක මහතා ප්‍රකාශ කළා. 2012 අයවැය සම්මත වූ පරිදි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රාග්ධන අරමුදල සදහා රුපියල් මිලියන දසදහසක මුදලක් වෙන්කර තිබෙන බවද දිසානායක මහතා කියා සිටියා. 2012 පෙබරවාරි මස භාණ්ඩාගාර නිකුතුවෙන් රුපියල් බිලියන 17.2 ක භාණ්ඩාගාර බැදුම්කර නිකුත්කර තිබෙන බවද ඔහු කියා සිටියා. කැබිනට් අනුමැතියකින් තොරව එය සිදුකර තිබූ බවද දිසානායක මහතා සාක්ෂි දෙමින් කියාසිටියා. ජනාධිපති නීතීඥ අතිරේක සොලිසිටර් ජෙනරාල් නීල් උනම්බුව, ජ්‍යෙෂ්ඨ රජයේ අධි නීතීඥ ෆස්ලි රසීක් සහ රජයේ අධිනීතීඥ සජිත් බණ්ඩාර සමග පෙනී සිටිමින් සාක්ෂි විභාගය සිදු කෙරුණා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG