Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ITN ඇත්පවුර නිසා ජගත් සංවිධානයෙන් දිවයිනට වාසි රැසක්  

Add comments

ITN ඇත්පවුර වැඩසටහන හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලෙන් මෙරටට ආධාර ලබාදීමේ කාර්යය වේගවත් වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල ශ්‍රී ලංකාව සමග නව ගිවිසුමකට එළඹුනා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඇමෙරිකා සංචාරයට සමගාමීව නිව්යෝර්ක් නුවරදීයි ඊට අත්සන් තැබුණේ. ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනයට සෘජුව බලපාන ක්ෂේත්‍රවල ශීඝ්‍ර සංවර්ධනය උදෙසා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සමග මෙම නව ගිවිසුමට අත්සන් තැබුනා. ඒ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාගේ සහභාගීත්වයෙන්. සමාජ ප්‍රගමනය සදහා වූ අරමුදලක් පිහිටුවීම සහ සමාජ ව්‍යවසායකත්ව අරමුදලක් පිහිටුවීමට අදාළවයි මෙම ගිවිසුමට අත්සන් තැබුනේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ශ්‍රී ලංකා ව්‍යාපෘති සදහා පෞද්ගලික අංශය ද සහභාගී කරවා ගැනීම මේ තුළින් අපේක්ෂිතයි. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා, නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සත්‍යා රොද්‍රිගෝ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක් වුණා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG