හින්දු කෝවිල් පරිශ‍්‍රවල සිදු කරන සත්ව සහ පක්ෂි බිලිපූජා තහනම් කිරිමට රජය තීරණය කළා. ඒ අද (11) කැබිනට් මණ්ඩලයට අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව. එම යෝජනාව අනුමත කිරිමටයි අමාත්‍ය මණ්ඩලය කටයුතු කළේ. ඒ අනුව නීති කෙටුම්පත් කරන ලෙස කෙටුම්පත් සම්පාදක වෙත නියම කිරිමට ඉදිරියේදි රජය කටයුතු කරන බවයි ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සදහන් කළේ.
Post a Comment