
මාලදිවයින් ජනාධිපතිවරණයේ මේ වන විට ලැබූ ඡන්ද ප්‍රතිඵලවලින් එරට විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රහම් මොහොමඩ් ඉදිරියෙන් සිටිනවා. ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තමන් සතු බව ඊබ්‍රහම් මොහොමඩ් ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති සියයට අනූ දෙකක ඡන්ද ප්‍රතිඵලවලින් තමන් වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන්ට වඩා සියයට දාසයකින් ඉදිරියෙන් සිටින බව ඔහු ප්‍රකාශ කළා. මේ වන විට ඡන්ද පෙට්ටි හාරසිය හැත්තෑ දෙකෙන්, හාරසිය තිස් හතක් ගණන් කර අවසන්. මෙතෙක් අවසන් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කර නොමැති බවයි මාලදිවයින් මැතිවරණ දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින ඊබ්‍රහම් මොහොමඩ්ට ඉන්දියාවද සුබ පැතුම් එක්කර තිබෙනවා.
බ්‍රසීලයේ ගින්නකින් හානි වූ ජාතික කෞතුකාගාරයේ ගින්නෙන් බේරා ගත් භාණ්ඩවල වටිනාකම පිළිබදව ජනතාවට අවබෝධයක් ලබාදීම සදහා උත්සවයක් සංවිධාන කර තිබෙනවා. ජාතික කෞතුකාගාරයේ ගින්න හටගනු ලැබුවේ සැප්තැම්බර් දෙවනදායි. මෙහිදී නරඹන්නන් සදහා වැඩමුළු හා තරගාවලි කිහිපයක් සංවිධාන කර තිබෙනවා. මෙම වැඩමුළු හා ක්‍රියාකාරකම් ඉතිහාසය හා විද්‍යා අංශ පදනම් කරගෙනයි සංවිධාන කර ඇත්තේ.
Post a Comment