
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මූල්‍ය වංචාවක නිරතව ඇති බැවින් ඔහු ඉල්ලා අස්විය යුතු බව එරට විපක්ෂය අවධාරණය කරනවා. ප්‍රංශය සමග සිදුකළ හමුදා ජෙට් යානා ගණුදෙනුවකදී මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.
ප්‍රංශයේ හිටපු ජනාධිපති ෆ්‍රංශුවා හෝලන්ඩ් සිදුකළ ප්‍රකාශයකින් පසුව ඉන්දීය විපක්ෂය එරට අග්‍රාමාත්‍යවරයාට මෙම චෝදනාව එල්ලකළා. ඇමෙරිකා ඩොලර් බිලියන අටයි දශම හතක වටිනාකමකින් යුත් මෙම ගනුදෙනුවේදී දේශීය සහකරු තෝරා ගැනීමට ඉන්දීය රජය මැදිහත් වූ බවටයි ප්‍රංශ හිටපු ජනාධිපති ප්‍රකාශ කරන්නේ. 2016 වසරේදී සිදුකළ මෙම ගනුදෙනුව විනිවිදභාවයකින් තොරව සිදුවූ එකක් බැවින් නරේන්ද්‍ර මෝදි ඉල්ලා අස්විය යුතු බව ඉන්දීය කොංග්‍රස් පක්ෂය සදහන් කරන්නේ.
Post a Comment