හිටපු ජනාධිපතිවරයා කුමන ආකාරයේ සිහින දුටුවත් 2020 දී බිහිවන්නේ යහපාලන රජයක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ශ්‍රීමත් ගාමිණි දිසානායකපුර උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ.
යටිනුවර කිරිමැටියවත්ත ප්‍රදේශයේ ඉදි කෙරුණු උදාගම්මානය නිවාස දහ නවයකින් සමන්විතයි. සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු එකසිය දහඅටවන ආදර්ශ ගම්මානය මෙයයි. එහි ඉදි කිරිම් සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ දෙසිය පනස් එකක්. මෙහිදි අදහස් දැක්වු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස,
විසිරි නිවාස ණය ප්රදානය, සොදුරු පියස ණය ප්රදානය, ස්වයං රැකියා සදහා ණය ආධාර ලබා දිම ඇතුළු වැඩසටහන් කිහිපයක්ද මිට සමගාමීව පැවැත්වුණා. මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
Post a Comment