පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා වන ජාතික ගොවි සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී අද ආරම්භ වනවා. ඒ යටතේ අස්වැද්දීමට නියමිත පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර එක්ලක්ෂ හතළිස් දහසක්.
වසර ගණනාවක් තිස්සේ කිසිදු අයුරකින් වගා කටයුතු සඳහා භාවිත කර නොමැති කුඹුරු යම්කිසි හේතු මත හිමිකරුවන් ඒවායේ වගා කිරීම් පැහැර හැර ඇති බව පසුගිය සමයේ කරන ලද සමීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වී කුඹුරු අක්කර විසිහය දහසක් නැවත අස්වැද්දීමට පියවර ගත්තා. ඉතිරි කුඹුරු තවමත් නිසි පරිදි අස්වැද්දීමට පියවර ගෙන නැහැ. මෙම කරුණු සැළකිල්ලට ගනිමින් 2018 මහ කන්නයේදී සියලුම පුරන්ව ගිය කුඹුරු අස්වැද්දීම සඳහා කුඹුරු අයිතිකරුවන් පෙළඹවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය දැඩි තීන්දුවක් ගෙන තිබෙනවා. පුරන් කුඹුරු නැවත අස්වද්දා රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනයට පියවර ගැනීම මෙහි ප්‍රධාන අරමුණක් වන අතර ලබන වසරේදී මොරගහකන්ද කලුගඟ ව්‍යාපෘතියේ ජලය දිස්ත්‍රික් ගණනාවකට ලබා දීම තුළින් එළඹෙන කන්නයේ අස්වැන්න ඉහළ නංවා ගැනීමට හැකි වනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ විශ්වාසයයි.
Post a Comment