Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආසියා නෙට්බෝල් ශූරතාව ශ්‍රී ලංකාවට  

Add comments

11 වන ආසියා නෙට්බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ සත්කාරක සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමින්.

රටවල් 12 ක් සහභාගි වූ මෙවර ආසියා නෙට්බෝල් තරගාවලිය පුරා අපරාජිත කණ්ඩායම බවට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. එහි මූලික වටයේ තරගයකදී සිංගප්පූරුව පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණේ ඒ අනුවයි. මෙම තරගයේ අත්දැකීම් සමගින් අවසන් මහා තරගයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය ලකුණු 69 ට 50 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා. මෙලෙස ආසියා නෙට්බෝල් ශූරතාවලියක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනු ලැබුවේ වසර 9 කට පසුවයි.

මේ අනුව ආසියා නෙට්බෝල් ශූරතාව පස් වරක් දිනා ගනිමින් වැඩිම වාර සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට සමත්ව සිටින්නේ ද ශ්‍රී ලංකාව වීම විශේෂත්වයක්. 1985 වසරේ ආරම්භ කළ ආසියා නෙට්බෝල් ශූරතාවලියේ 1989 / 1997 / 2001 / 2009 යන වසරවලදී ශ්‍රී ලංකාව ශූරතාව දිනා ගැනීමට සමත්වුණා. 2012 / 2014 / 2016 යන  වසරවලදී ආසියා නෙට්බෝල් ශූරතාවලියේ අනුශූරයන් බවට ශ්‍රී ලංකාව පත්වුණා. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ චතුරංගි ජයසූරිය ක්‍රීඩිකාවයි. මෙම තරගාවලියේ උසම ක්‍රීඩිකාව වූ තර්ජනී ශිවලිංගම් ක්‍රීඩිකාව නියෝජනය කළේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි. විචාරකයින් ගෝල මැෂිම ලෙස හඳුන්වන ඇය අඩි 6 යි අඟල් 10 ක උසකින් යුක්තයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG