Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොහොට්ටුවේ බාධා මැද බෝනැගල පාලම ජනතා අයිතියට  

Add comments

පොදුජන පෙරමුණේ ආධාරකරුවන්ගේ බාධා කිරීම් මධ්‍යයේ අත්තනගලු ඔය හරහා වැටී ඇති බෝනැගල පාලම විවෘත කෙරුණා.

වසර ගණනාවකට පෙර මෙම ස්ථානයේ අබලන්වූ පාලමක් පැවතුනා. එහිදී නව පාලමක් ඉදිකිරීම සදහා හිටපු අමාත්‍ය අනුර බණ්ඩාරනායක මහතාගේ ඉල්ලීමකට අනුව බ්‍රිතාන්‍ය රජයෙන් රුපියල් ලක්ෂ 400 ක මුදලක් ලැබී තිබෙනවා. නව පාලම විවෘත කිරීමට නියමිතව තිබුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග , අමාත්‍ය ෆයිසර් මුස්තෆා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙනුයි. එහෙත් මෙම ස්ථානයට පැමිණි පොදුජන පෙරමුණේ පිරිසක් විරෝධතාවක නිරත වුණා.

ජනතාවට සේවය කිරීම සදහා දේශපාලනයක් අවශ්‍ය වන්නේ නැති බවයි මැතිඇමතිවරුන් මෙහිදී කියාසිටියේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG