Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෑම පුරවැසියෙකුටම භූමියේ අයිතිය තහවුරු කරනවා – ජනපති  

Add comments

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වල පදිංචිව සිටින ගොවි ජනතාව වෙත දීමනා පත්‍ර සහ බලපත්‍ර දෙදහසක් ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ සිදුකෙරුණා. භූමියේ හිමිකම තහවුරු කිරීම සදහා අවශ්‍ය දීමනා පත්‍ර සහ බලපත්‍ර බෙදාදීමේ ජාතික වැඩසටහනට අදාළවයි මෙය සිදුකෙරුණේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව, ආනමඩුව, ගිරිබාව, අඹන්පොල, මහව, ගල්කිරියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවි ජනතාව නියෝජනය කරමිනුයි දීමනා පත්‍ර සහ බලපත්‍ර ලබාදීම සිදුකෙරුණෙ. පඬුවස්නුවර  බටහිර ශාසනාරක්ෂක මණ්ඩලයේ දෙවන කලාපයේ ප්‍රධාන සභාපති සහ පඬුවස්නුවර පණ්ඩුකාභය පරිවේණාධිපති පූජ්‍ය වහන්තුරේ සිද්ධාර්ථ හිමි වෙත පූජා ඔප්පු පිළිගැන්වීමක් ද ජනාධිපතිතුමා අතින් මෙහිදී සිදුකෙරුණා.

මීට අමතරව රාජ්‍ය ආයතන සදහා ඉඩම් පැවරීම යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට සහ වයඹ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් බලපත්‍ර ද ජනාධිපතිතුමා විසින් ප්‍රදානය කෙරුණා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියාසිටියේ පොදුජන ජීවිතයේ දුක් කම්කටොළු පිළිබද අත්දැකීම් ඇති ජනාධිපතිවරයෙකු ලෙස තමා සැමවිටම ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීම වෙනුවෙන් කැපවී සිටින බවයි.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක, වයඹ පළාත් ආණ්ඩුකාර කේ කේ ලෝගේෂ්වරන් ඇතුළු මැතිඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG