Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තේ කර්මාන්තය සංවර්ධනය කිරිම සදහා පස් අවුරුදු සැලැස්මක්  

Add comments

තේ කර්මාන්තය සංවර්ධනය කිරිම සදහා පස් අවුරුදු සැලැස්මක් යෝජනා කර තිබෙනවා. ප‍්‍රධාන අංශ තුනක් කෙරෙහි අවධානය යොමුකරමින් පස් අවුරුදු සැලැස්ම කි‍්‍රයාත්මක බවයි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ ඒ රංජිත් මහතා ප‍්‍රකාශ කළේ.

නැවත සිටුවීම , පාලු සිටුවීම සහ යාන්ති‍්‍රකරණ යන ක්ෂේත‍්‍ර ඊට ඇතුලත්. පස් අවුරුදු සැලැස්ම සදහා තේ ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලු පාර්ශව වලින් අදහස් ලබාගන්නා බවයි අමාත්‍යාංශ ලේකම්වරයා පවසන්නේ. තේ අපනයනකරුවන්, කර්මාන්තශාලා හිමියන්, කුඩා වතු හිමියන් ඇතුළු ක්ෂේත‍්‍රයට සම්බන්ධ විවිධ පාර්ශව මේ වන විටත් සිය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

2019 වසරේ සිට 2024 දක්වා පස් අවුරුදු සැලැස්ම කි‍්‍රයාත්ම කිරිමටයි නියමිතයි. වර්තමානයේ පවතින වගා බිම් ප‍්‍රමාණය නිසිලෙස කළමනාකරණය කිරිමෙන් අස්වැන්න දෙගුණයක් කරගත හැකි බවයි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සදහන් කළේ. තේ කර්මාන්තයට පවතින අභියෝග ජය ගැනිීම සදහා පස් අවුරුදු සැලැස්ම උපයෝගි කරගත හැකි බවද ජේ ඒ රංජිත් මහතා ප‍්‍රකාශ කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG