Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහරගම නගර සභාවේ සභාපතිවරයා මීට පෙරත් සේවකයින්ට පහර දීලා  

Add comments

බයිසිකලයට ඡන්දය දී පොහොට්ටු පක්‍ෂයේ මැර දේශපාලනඥයන්ගෙන් ගුටි කෑමට මහරගම ජනතාවට සිදුවී ඇතැයි එහි විපක්‍ෂනායකවරයා ප්‍රකාශ කරනවා.

ඇතැම් පළාත් පාලන ආයතන තුළ බලය තහවුරු කරගෙන සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් මේ ආකාරයට හැසිරුණු පළමු අවස්ථාව මෙය නොවේ.

මීරිගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී හිමිනමක 12 හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත්තා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පූජ්‍ය කිතුල්වල සිරිවිමල නමැති මන්ත්‍රී හිමිනමක බව පොලීසිය පවසනවා. ඒ දරුවා විහාරස්ථානයට පැමිණි අවස්ථාවකදී සැකකාර හිමිනම අපයෝජනය කළ බවට ලැබුණු පැමිණිල්ලක් අනුවයි.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ද නීති විරෝධී මත්පැන් චෝදනාවකට ලක්වුණා.මීට අමතරව සොරකමක් සම්බන්ධයෙන් ද එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබුණා.

මින්නේරිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයෙකු ද මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නිලධාරීන්ට පහර දීමේ චෝදනාවකට අත්අඩංගුවට පත් වුණා.

විමල් වීරවංශ මන්ත්‍රීතුමාට අයත් යැයි සැලකෙන ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ පළ වූ වාර්තාවක ද මහරගම නගර සභාවේ සභාපතිවරයා සුළු සේවකයින්ට පහර දීම පිළිබඳ පුවතක් මෙසේ සටහන් කර තිබුණා. සභාපතිවරයාගේ මෙම මැර ක්‍රියාව සම්බන්ධයෙන් මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා මේ සම්බන්ධයෙන් අද වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළා.

දැනට පළාත් සභා කිහිපයක පමණක් බලය හොබවන පොහොට්ටු පක්‍ෂයේ නියෝජිතයින් අනාගතයේ රටේ බලය ඉල්ලා සිටින්නේ මෙවැනි මැර ක්‍රියා සිදු කරමින් තමන් යටතේම සේවය කරන සුළු සේවකයින්ට පහර දෙමින් යළිත් මහින්ද රාජපක්‍ෂ පාලන යුගයේ පැවති භීෂණකාරී තත්ත්වය ඇති කිරීමට දැයි සාමාන්‍ය ජනතාව ප්‍රශ්න කරනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG