කාබනික පොහොර සඳහා නැඹුරුවක් ඇති කිරීමට ගොවීන්ට ආධාර මුදලක් ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ගොවි නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබා දීමට ද කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.
මෙම වසරේ මාස් කන්නය සඳහා පොහොර සහනාධාරය ලබා දීම අද සිට ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පොහොර නිකුත් කිරීමේ නව චක්‍ර ලේඛය සම්බන්ධයෙන් දිවයිනේ සියලු කෘෂි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.
පොහොර බෙදා හැරීම හා නව සැලැස්ම පිළිබඳ කරුණු ඇතුළත් නව චක්‍රලේඛය ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ අජිත් පුෂ්පකුමාර මහතා අමාත්‍යවරයා වෙත මෙහිදී පිළිගැන්වූවා. පොහොර සහනාධාරය සඳහා මෙම වසරේ වැය කරන මුදල රුපියල් මිලියන තිස්පන්දහස ඉක්මවන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Post a Comment