ගම් පෙරළිය යටතේ සිදු කෙරෙන ව්‍යාපෘතියට අදාළව රුපියල් ලක්ෂ හැත්තෑ පන් දහසක වියදමින් වෙල්ලස්සේ වැව් නගා සිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මොණරාගල, මඩුල්ල, දැලිව ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත් කොස්ගස්ආර වැවේ ඉදිකිරීම් කටයුතු සහ මීයකෙටූ ආර වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අතින් අද දින ඇරඹුනා. මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රදේශයේ කුඹුරු අක්කර 500 ක් අස්වැද්දීමට නියමිත බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.
මඩුල්ල දැලිව ප්‍රදේශයේ ගොවි ජනතාවට යල මහ කන්න දෙකම වගා කිරීමට ජලය ලැබෙන්නේ නැහැ. මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීම තුළින් කන්න දෙකම වගා කිරීමට අවශ්‍ය ජලය සැපයෙනවා.
Post a Comment