
උතුර, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක් පමණ තද වැසි දඇති විය හැක.සබරගමුව පළාතේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.බස්නාහිර සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.මුලතිවු සිට ත්‍රිකුණාමලයහරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවලස්ථාන ස්වල්පයක සවස්කාලයේහෝ රාත්‍රීකාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලසුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 20-30 පමණ වේ.හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී 40-45 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.එවිට, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Post a Comment