Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුරුණු දිරිය ණය යෝජනා ක්‍රම වැඩසටහනේ රත්නපුරය ඉදිරියෙන්  

Add comments

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක ලංකා බැංකු තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය මගින් තරුණ ව්‍යවසායකයින් රැසක් මේ වනවිටත් බිහිවී තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කය ඒ අතරින් ඉදිරියෙන් සිටින බවයි නව ප්‍රගති සමාලෝචන වාර්තාවක් මගින් හෙළිව ඇත්තේ.

ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මකයි. නව ව්‍යවසායකයින්ට ස්වශක්තියෙන් නැගී සිටීම සඳහා මෙම වැඩසටහන යටතේ ණය යෝජනා ක්‍රම 16කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ යටතේ ක්‍රියාත්මක තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ තරුණ ව්‍යවසායකයින් 12 දෙනෙකු සදහා ණය මුදල් ලබාදීමත් සමග රත්නපුර දිස්ත්‍රික්කය එහි පෙරමුණ ගැනීමට සමත්ව සිටිනවා.

ලංකා බැංකුව මගින් සති පතා නිකුත් කරන  තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ නවතම ප්‍රගති සමාලෝචන වාර්තාව මගින් මේ බව හෙළිව තිබෙනවා. දිවයින පුරා තරුණ ව්‍යවසායකයින් 105 දෙනෙකු සදහා මේ වනවිට තුරුණු දිරිය ණය ලබාදී තිබෙනවා. රටේ තරුණ ව්‍යවසායකයින් බලගැන්වීම මෙහි අරමුණයි.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ලක්දිරිය වැඩසටහන ආරම්භවීමත් සමග තවත් විශාල පිරිසකට ප්‍රතිලාභ හිමිව තිබෙනවා. මේ යටතේ ලංකා බැංකුව මගින් ගම්පොල කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙත පාසල් බස් රථයක් ලබාදීම සිදුවුණා. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මගපෙන්වීම යටතේයි එය සිදුකෙරුණේ.

ගාල්ල- ලබුදූව දක්ෂිණපාය ශ්‍රවණාගාරයේ දී එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳව හදුන්වා දීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය යූ ජී ඩී ආරියතිලක, මහජන බැංකුවේ කරාපිටිය ශාඛාවේ කළමනාකරු ශමිල කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සදහභාගි වුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG