ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු උපදේහකවරයෙකු වන ජෝර්ජ් පපඩොපලස්ට දින 14 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. ඒ ඇමරිකා ජනාධිපතිවරණයට රුසියාවේ මැදිහත්විම සම්බන්ධයෙන්කෙරෙන පරීක්ෂණයේ දි අසත්‍ය ප්‍රකාශ ලබාදුන් බවට පිළිගැනිම හේතුවෙන්. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙරටේ නියොජිතයන් අතර පැවති සාකච්ඡාවල දිනයන් සහ වේලාවන් පිළිබදව ඔහු එෆ් බී අයි ආයතනයට අසත්‍ය ප්‍රකාශ සිදුකර තිබෙනවා. එය වොෂින්ටන් අධිකරණයකදි හිටපු උපදේශකවරයා පිළිගෙන ඇති බවයි ඇමරිකා වාර්තා සදහන් කළේ. ඩොන්ලඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයට සම්බන්ධ නිලධාරියෙකුට සිර දඩුවම් නියමවූ පළමු අවස්ථාව මෙය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Post a Comment