භූ කම්පනතයත් සමඟ නායයාම් වලින් අතුරුදන්වු පුද්ගලයන් සොයා තවමත් මෙහෙයුම් සිදුකරන බව ජපානය ප්රකාශ කළා. පුද්ගලයන් තිස් දෙනෙකු අතුරුදන් වු බවයි ජපාන වාර්තා සදහන් කළේ. හොකයිඩෝ දුපතේ රිච්ටර්පරිමාණ ඒකක 6.8 ක ප්රබල භූ කම්පනයක් හටගත්තා. ඒ සමඟ ඇතිවූ නායයෑම් වලින් නිවාස රැසක් යටව තිබෙනවා. මියගිය ගණන විස්සක් බවයි ජපාන වාර්තා සදහන් කළේ. හොකයිඩෝ දුපතෙහි මිලියන 16 ක පමණ ජනතාවට විදුලි සබඳතා ද ඇණහිට තිබුණා. ඇතැම් ප්රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බවයි ජපාන බලධාරින් සදහන් කළේ.
Post a Comment