ඉරනතිව් දූපතට ගිනිකොන දෙසින් වූ මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 284 කට වැඩි ප්රමාණයක් සොයාගැනීමට නාවික හමුදාව සමත්වුණා. මෑත ඉතිහාසයේ නාවික හමුදාව සොයගත් වැඩිම කේරළ ගංජා තොගය මෙයයි.
උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්රා තුනකට අනියුක්ත නාවිකයින් පිරිසක් සිදුකළ මුර සංචාරයක් අතරතුරයි මෙම කේරළ ගංජා තොගය සොයා ගැනීමට හැකිව තිබෙන්නේ.
එම කේරළ ගංජා තොගය ඇසුරුම් 95 ක බහා තිබී ඇති අතර මේවා මුහුදට දමා ගොඩබිම වෙත රැගෙන ඒමට උත්සාහ දරා ඇති බවට සැක පළකෙරෙනවා. වැඩිදුර පරීක්ෂණ සදහා කේරළ ගංජා තොගය මුලන්කාවිල් පොලීසිය වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කළා.
Post a Comment