Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සේරුවිල විහාරයේ හා පත්තිනි දේවාලයේ පෙරහර සාර්ථකව අවසන්  

Add comments

නවගමුව ශ්‍රී සුගත බ්ම්බාරමයේ සහ නවගමුව පුරාණ මහා පත්තිනි දේවාලය එක්වයි පෙරහැර සංවිධාන කළේ. අලි ඇතුන් තිස් දෙදෙනෙකුගෙන් සමන්විත වු පෙරහැරට නර්තන  කන්ඩායම් පනහක් පමණ සහභාගි වුනා. සාධාතුක කරඩුව වැඩමකරවුයේ අලුත්ගම කන්දේ විහාරයේ මුතුරාජා හස්තියායි. දළදා මාලිගාවේ ජනරාජා හස්තියා පත්තිනි මෑනියන්ගේ දේවාභරණ වැඩම කරවුවා. විහාරාධිපති පූජ්‍ය මල්වානේ ප්‍රඤ්ඤාසාර ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි පත්තිනි මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා වන මහරලන්දේ බණ්ඩාර මහතාගේ මග පෙන්විම යටතේ මෙවර පෙරහැර උත්කර්ෂවත්ව  පැවැත්වුණා.

මේ අතර ඓතිහාසික සේරුවිල මංගල රජ මහා විහාරස්ථානයේ වාර්ෂික නිකිණි මහ පෙරහැර ඊයේ රාත්‍රීයේ විදී සංචාරය කළා. අනූ හතරවන වරටයි මෙවර පෙරහැර පැවැත්වුණේ. පූජ්‍ය මුන්හේනේ මෙත්තාරාම ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි පෙරහැර  සංවිධාන කෙරුණා. ධාතු කරඩුව වැඩම කරවුයේ කතරගම වාසනා හස්තියායි. පෙරහැර නැරඹිමට අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ද සහභාගි වුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG