
සොරකම් ඇතුළු චෝදනා ගණනාවකට අවශ්‍යව සිටි හිස්බුල්ලා සංවිධානයට අයත් පුද්ගලයෙකු බ්‍රසීලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අසාද් අහමඩ් බරාකාට් ලෙස හැඳින්වෙන මෙම පුද්ගලයා එම සංවිධානයේ ප්‍රධාන මූල්‍ය ක්‍රියාකරු ලෙස කටයුතු කර තිබෙනවා. ඔහු පැරගුවේ රජයට අවශ්‍යව සිටි පුද්ගලයෙක්. බදු පැහැර හැරීම සම්බන්ධයෙන් වසර 6ක සිරදඬුවම් ද විද ඇති බව සඳහන්.
හිස්බුල්ලා සංවිධානයේ නියෝජිතයෙකු ලෙස ආර්ජන්ටිනාවේදී කැසිනෝ ක්‍රීඩාවකින් ඩොලර් මිලියන 10 ක මුදල් විශුද්ධිකරණ සිදුවීමක් සම්බන්ධයෙන් ද මෙම පුද්ගලයා චෝදනාවට ලක්ව තිබෙනවා. ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ද මෙම පුද්ගලයා ජාත්‍යන්තර ත්‍රස්තවාදියෙකු ලෙස නම්කර තිබෙනවා.
Post a Comment