Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මල් මුවාවෙන් පවත්වාගෙන ගිය කංසා වගාවක් වටලයි  

Add comments

මල් වගාවක් මුවාවෙන් ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය කංසා වගාවක් වැටලීමට මීගමුව කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය සමත්වුණා.

කොච්චිකඩේ මඩම්පැල්ල ප්‍රදේශයේ නිවසක් පිටුපස මෙම කංසා වගාව පවත්වාගෙන ගොස් තිබෙනවා. මල්පෝච්චි පනහක් පමණ යොදාගනිමින් මෙම වගාව සිදුකර ගෙන ගොස් ඇති බවයි වාර්තාවන්නේ. දිගුකළක සිට සැකකරු ඉතා සූක්ෂම ලෙස මෙම නීතිවිරෝධී වගාව පවත්වාගෙන ගොස් ඇති අතර ඒවා අලෙවි කර ඇති බවටද තොරතුරු  හෙළිව තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG