දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරු-මැද පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථානවලට මි.මී. 100 කපමණ තද වැසි ඇති විය හැක.වයඹ, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලතැනින් තැන උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
දිවයිනට බස්නාහිර සහ වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවලතැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රිකාලයේවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසුළං බස්නාහිර දෙසින් හමන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවලසුළං නිශ්චිත දිශාවකින් තොරව හමයි.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය පැ.කී.මී. 20-30 පමණ වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Post a Comment