පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සෞදියේ ආයෝජන සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව ගියා. හෙට සිට දින දෙකක් සමුළුව පැවැත්වෙනවා. ඔටුන්න හිමි බින් සලාම් කුමරු මෙම ආයෝජන සමුළුව සංවිධාන කරන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ඉදිරි වසර පහේදී පාකිස්ථානයේ ආර්ථික සැලසුම් පිළීබඳව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එහිදී පැහැදිලි කිරිමටයි නියමිත. සංචාරය අතරතුර ඔහු ඔටුන්න හිමි කුමරු සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවලට ද එක්වනවා.
මේ අතර සෞදියේ පැවැත්වෙන ආයෝජන සමුළුවට සහභාගී නොවිමට රටවල් කිහිපයක් තිරණය කළා. තුර්කියේදි මිය ගිය සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගී සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වයයි ඊට හේතුව. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානියා ද සමුළුවට සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
Post a Comment