Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නියගයෙන් පීඩාවට පත් වූවන්ට සහන දෙන්න රුපියල් මිලියන 2000කට වැඩි ප්‍රතිපාදන  

Add comments

නියඟයෙන් පීඩාවට පත් පවුල් හාරලක්ෂ පනස්එක්දහසකට කඩිනමින් සහනාධාර ලබාදීම සඳහා රජය රුපියල් මිලියන 2030ක ප්‍රතිපාදන වෙන්කර ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අමාත්‍ය දුමින්ද දිසානායක,

වියළි කාලගුණය හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව පිඩාවට පත්ව සිටිනවා. එම ජනතාවට සහන සැලසීම සදහා රජය මැදිහත් විමෙන් වැඩපිලිවෙල රැසක් ක්‍රියාත්මකයි. ඒ අනුව විලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කුඩා විලච්චිය , මහවිලච්චිය ඇතුළු ගම්මානවල පවුල් හයසියක් සදහා වියළි සලාක බෙදා දීම පසුගිය දිනෙක සිදු කෙරුණා. මෙම සහන වැඩපිලිවෙල පිලිබද ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කළා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG