Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙම වසරේ අය වැය පරතරය බිලියන 644 ක්  

Add comments

මෙම වසරේ අය වැය පරතරය බිලියන 644 ක් වී ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. පසුගිය රජය සමයේ ප්‍රයෝජනයක් නොමැති ව්‍යාපෘති වෙනුවෙන් විශාල වශයෙන් ලබාගත් ණයවලට පොලී ගෙවීමට සිදුවීම මීට ප්‍රධාන හේතුව බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,

ලංකා බැංකුවේ නැගෙනහිර පළාත් කාර්යාලය හා ත්‍රිකුණාමල අධිශ්‍රේණි ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් පල කළා. සියලු පහසුකම්වලින් සමන්විත මෙම ගොඩනැගිල්ල ශ්‍රවනාගාරයකින් සහ තිරස් හරිත උද්‍යානයකින්ද සමන්විතයි. මෙම  පරිශ්‍රය තුළ පිහිටා ඇති ස්මාර්ට් ෆෝන් කලාපය  දවසේ පැය 24 පුරාම ගණුදෙණු කිරීමට අවකාශ සැළසෙන පරිදි ඒ.ටී.එම් හා සි.ඩී.එම් යන්ත්‍රවලින් සමන්විත වනවා.  ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් ,ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේරා හා ලංකා බැංකුවේ මහා කළමනාකාර සෙනරත් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG