Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහින්ද චීනයෙන් ගත් ඇ.ඩොලර් මිලියන 3.7කට කළ දේ මෙන්න  

Add comments

මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතුවලට චීනයෙන් ඇමරිකා ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාදීමේ චෝදනාව පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. පසුගිය ජුනි 29 වැනිදා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය මේ පිළිබඳ විමර්ශනයක් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් ඉල්ලා තිබුණා.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වූ වාර්තාවකට අනුව හම්බන්තොට වරාය ව්‍යාපෘතියට සම්බන්ධ චයිනා හාබර් සමාගම මගින් මේ මුදල් ලබා දී තිබෙනවා. 2015 ජනවාරි 08 වනදා පැවැති ජනාධිපතිවරණයට දින දහයකට පෙර චීනයෙන් චෙක්පත් මගින් පමණක් ලබා දී ඇති මුදල ඇමරිකා ඩොලර් මිලියන 3.7 ක්. එයින් ඩොලර් 678,000 ක් ලබාදී ඇත්තේ ප්‍රචාරක ටී-ෂර්ට් සහ වෙනත් මුද්‍රණ කටයුතු සඳහායි. ඡන්දදායකයන්ට අල්ලස් ලෙස සාරි සහ වෙනත් තෑගි භාණ්ඩ ලබාදීමට මෙයින් ඇමරිකා ඩොලර් 297,000ක් වෙන්කර තිබෙනවා. රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතුවලට සහයෝගය දැක්වූ ජනප්‍රිය භික්ෂූන්වහන්සේ නමකට ගෙවා ඇති මුදල ඇමෙරිකා ඩොලර් 38,000 ක්.

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ 1135919019 ගිණුම් අංකය හරහායි මීට අදාළ චෙක්පත් නිකුත් කර තිබෙන්නේ. එසේම චයිනා හාබර් ගිණුම යටතේ පාලනය වන උප ගිණුමකින්ද මීට අදාළ මුදල් හුවමාරු වී තිබෙනවා. ඒ හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය හඳුන්වන එච්පීඩීපී පේස් ටූ ගිණුමෙන්.

ජනාධිපතිවරණයට දින දෙකකට පෙර රුපියල් කෝටි දෙක හමාර බැගින් වන චෙක්පත් හතරක්ද මේ ගිණුම් හරහා මාරුකරගෙන තිබෙනවා. 981328, 981333, 981336 සහ 981335 එම චෙක්පත් අංකයි.

මේ චෝදනාව සම්බන්ධයෙන් මෙතෙක් මහින්ද රාජපක්ෂ මහතා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. එහෙත් ඒකාබද්ධ විපක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ පසුගිය ජනාධිපතිවරණයට රාජපක්ෂ මහතා චීනයෙන් මුදල් ලබානොගත් බවයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG