Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දුනීසියා සුනාමි මරණ සංඛ්‍යාව 1200 දක්වා ඉහළට  

Add comments

පූර්ව සුනාමි අනතුරු ඇගවීමේ සංඥා පද්ධති නිසියාකාරව ක්‍රියාත්මක වූයේ නම් ඉන්දුනීසියාවට බලපෑ සුනාමි ව්‍යාසනයේ බලපෑම අවම කර ගැනීමට තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

ඉන්දුනීසියාවට බලපෑ සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 1200 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ වන විට ඉන්දුනීසියාවේ පූර්ව සුනාමි අනතුරු ඇගවීමේ සංඥා පද්ධති පරික්ෂණ මට්ටමේ තිබූ බවයි වාර්තා වන්නේ. අධි තාක්ෂණික සංවේදක පද්ධතියක් ලෙස මෙය ස්ථාපිත කෙරුණේ 2004 වර්ෂයේ සුමාත්‍රා දිවයිනට බලපෑ සුනාමි ව්‍යසනයෙන් පසුවයි. එම පද්ධතිය සම්පූර්ණ කිරීම සදහා මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් එහි කටයුතු අතරමග ඇනහිට තිබූ බව වාර්තා වනවා. පූර්ව අනතුරු ඇගවීමේ පද්ධතියේ දුර්වල බව සහ ජනතාව තුල පැවති නොදැනුවත් බව මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතුවූ බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ. සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. දේවස්ථානයක සුන්බුන් අතර සිරවී සිටි දරුවන් 34 දෙනෙකුගේ සිරුරු සොයා ගැනුණා.  එහි තවත් දරුවන් 86 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඉන්දුනීසියාවට බලපෑ භු කම්පනයෙන් සහ සුනාමියෙන් ලක්ෂ දෙකක ජනතාවක් අවතැන්ව සිටිනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG