
දැයේ දරුවන්ට සුරක්ෂිත හෙට දවසක් උදාකරදීමේ අරමුණෙන් ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණය ආරම්භ කර අදට (02) වසරක් සපිරෙනවා. මේ වන විට මෙම රක්ෂණාවරණය යටතේ දරුවන් විශාල පිරිසකට ප්‍රතිලාභ හිමිව තිබෙනවා.
සදා සුරකිමු දැයේ දරුවන් යන තේමාවෙන් සුරක්ෂා සිසු රක්ෂණාවරණය ක්‍රියාත්මකයි. සිසුන් ලක්‍ෂ 45ක් දවසේ පැය 24 පුරා මෙම රක්ෂණාවරණය යටතේ ආවරණය කෙරෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සමග ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවයි ඊට එක්ව සිටින්නේ. රජයේ පාසල්, පිරිවෙන් සහ රජයේ ආධාර ලබන හා නොලබන සියලුම පෞද්ගලික පාසල්වලට මෙම රක්‍ෂණාවරණය හිමිවනවා. වයස අවුරුදු පහත් දහනවයත් අතර සිසුන් මීට ඇතුළත්. සුරක්ෂා සිසු රක්ෂණාවරණය වෙනුවෙන් අමාත්‍යාංශය වෙන්කර ඇති මුදල රුපියල් බිලියන තුනකට ආසන්නයි. අනතුරකදී සිසුවෙකු ජීවිතක්ෂයට පත්වුවහොත් මෙම රක්ෂණාවරණය යටතේ රුපියල් ලක්‍ෂයක මුදලක් හිමිවනවා. දෙමව්පිය මරණයකදී එක් සිසුවෙකු වෙනුවෙන් ලබා දෙන මුදල රුපියල් හැත්තෑපන්දහසක්. සිසුවෙකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වුවහොත් රුපියල් ලක්‍ෂයක් සහ අර්ධ ආබාධිත තත්ත්වයකදී රුපියල් පනස් දහසක් මෙම රක්ෂණාවරණය යටතේ හිමිවනවා.
මේ අතර රජයේ රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමකදී දිනකට රුපියල් දහස බැගින් දින 30ක් දක්වා ලබා දීමටත් බාහිරව සිදු කරන පරික්‍ෂණවලදී රුපියල් දස දහස දක්වා ගෙවීමටත් කටයුතු කර තිබෙනවා.. එමෙන්ම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීමේදී රුපියල් ලක්‍ෂයක උපරිමයකට යටත්ව ගෙවීම් සිදු කිරීම ද මෙමගින් හිමිවන තවත් ප්‍රතිලාභයක්. සුරක්‍ෂා සිසු රක්‍ෂණය වෙනුවෙන් වන සියලු ගෙවීම් රජය යටතේ සිදු කිරීම විශේෂත්වයක්. දැයේ දූදරුවන් වෙනුවෙන් මෙවැනි රක්ෂණාවරණයක් ක්‍රියාත්මක වීම සමස්ථ දරු පරපුරේම භාග්‍යයක්.
Post a Comment