Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාමිණී සෙනරත්ගේ පෙත්සම් සලකා බැලීමට දින නියම වෙයි  

Add comments

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන 21 වනදා  සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළා. මහේස්ත්‍රාත් උසාවියක පවතින පරීක්ෂණයක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ, හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර යන අය මෙම පෙත්සම් ඉදිරිපත්කර තිබුණා. කොල්ලුපිටියේ ග්‍රෑන්ඩ් හයිට් රිජන්ට් හොටෙල් ව්‍යාපෘතිය සදහා 2012 වසරේ කැබිනට් අනුමැතිය මත වෙන්කළ රුපියල් බිලියන දහඅටයි දශම පහක මුදලින් රුපියල් බිලියන හතරක් නීති විරෝධී ලෙස හම්බන්තොට හයිටි රිජෙන්සි ව්‍යාපෘතියට යොදවා රජයේ මුදල් අවභාවිත කිරීම මොවුන්ට එරෙහි චෝදනායි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG