Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගම්මන්පිලට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම ලබන 5 වෙනිදාට කල් තැබේ.  

Add comments

ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් ඩිජිටල් නොමිනි ආයතනයේ කොටස් ධම්මික පෙරේරා නමැති ව්‍යාපාරිකයෙකුට විකුණා රුපියල් මිලියන 21 ක මුදලක් සාපරාධී සාවධ්‍ය පරිහරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහි නඩුව අද කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැණුනා.

එහිදී සාක්ෂි දුන් ජැනට් එලිසබත් මහත්මිය කියාසිටියේ තම පවුලේ ව්‍යාපාරයක් ලෙස පැවති ෂැඩික් ගෘෘප් සමාගමේ නම නොමිනි සමාගම ලෙස වෙනස් කළේ උදය ගම්මන්පිල මහතා ඇතුළු ඔහුගේ පවුලේ අය ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි බැවින් තම සමාගම සහ එහි නාමය ඔවුන් සොරකම් කරාවි යන බිය නිසා බවයි. සමාගමේ නම වෙනස් කළේ 2011 හෝ 2012 වර්ෂයේ දී බවද ඇය පැවසුවා.

විත්තියේ නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ ගම්මන්පිල මහතා ඇතුළු ඔහුගේ පවුලේ අය ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් ඇත්තේ 2015 වර්ෂයේ බවයි. වැඩිදුර සාක්ෂි විමසීම ලබන 5 වන දිනට කල්තැබුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG