
ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර දේශසීමා වෙත පන්දහස් දෙසීයකට වැඩි අමතර හමුදා බලඇණියක් යෙදවීමට ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
මධ්යම ඇමෙරිකා සංක්රමණිකයින් මෙක්සිකෝව හරහා උතුරු ඇමෙරිකාවට සංක්රමණය වීම වැළැක්වීම එහි අරමුණයි. පසුගිය අප්රේල් මාසයේදී ද 2100 ආසන්න ආරක්ෂක භට පිරිසක් යෙදවීමට කටයුතු කෙරුණා. ටෙක්සාස්, ඇරිසෝනා සහ කැලිෆෝනියා යන ප්රාන්තවල ආරක්ෂාවට වැඩි අවධානයක් යොමු කරන බව ඇමෙරිකා ආරක්ෂක අංශ සඳහන් කරනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් නීති විරෝධී සංක්රමණිකයන්ගේ පැමිණීම හැදින්වූයේ ඇමෙරිකාව ආක්රමණය කිරීමේ පියවරක් ලෙසයි.
Post a Comment