
බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය කලීඩා ෂියා දූෂණ හා වංචා සම්බන්ධයෙන් වසර 7 ක සිර දඩුවම් ලබා තිබෙනවා.
එම තීන්දුවත් සමග කලීඩා ෂියා මෙහෙයවන බීඑන්පී පක්ෂයේ ආධාරකරුවන් හා පොලීසිය අතර ගැටුම් හට ගත්තා. ඇයට මෙසේ සිර දඬුවම් ලැබීමට හේතුව වී ඇත්තේ බලය අනිසි ලෙස පාවිච්චි කිරීම හා පුන්‍යාධාර අරමුදල් සදහා වෙන් කර තිබූ ඇමෙරිකා ඩොලර් තුන්ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් අවභාවිත කිරීමයි. කලීඩා ෂියාගේ නීතිඥවරු පවසන්නේ මෙය දේශපාලන පළිගැනීමක් බවයි.
Post a Comment