
දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ පස්වරුවේ බලහත්කාරයෙන් ඇතුළුවීමත් සමඟ නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති වුණා. එහිදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වුණා. මීට විරෝධය දක්වමින් ඛනිජතෙල් නීතිගත සංස්ථා සේවකයින් තෙල් බෙදා හැරීමේ කටයුතු වලින් ඉවත්ව සිටිනවා.
හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට පැමිණ කාර්යාවලට බලහත්කාරයෙන් ඇතුළවීමට උත්සාහ දැරුවා. ඔහු එම කාර්යාලවල තිබූ ලිපි ලේඛණ ලබා ගැනීමට පැමිණී බවටයි වාර්තා වුණේ. කාර්යාලවලට ඇතුළු වීම වැළැක්වීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ආරක්ෂක අංශය කටයුතු කළා.එම අවස්ථාවේ නොසන්සුන්කාරි තත්ත්වයත් ඇති වූ අතර සේවකයන් හිටපු අමාත්‍යවරයාට දැඩි විරෝධය එල්ල කළා. එහිදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වූ බවයි රෝහල් වාර්තා සදහන් කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. හිටපු අමාත්‍යවරයාගේ හැසිරීමට විරෝධය දක්වමින් ඛනිජතෙල් නීතිගත සංස්ථා සේවකයින් තෙල් බෙදා හැරීමේ කටයුතුවලින් ඉවත්ව සිටිනවා. ඒ හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල දැඩි පෝලිම් මේ වන විටත් පවතින බව අප වාර්තාකරුවන් පසවනවා.
Post a Comment