දැදුරු ඔයේ වාන් දොරටු හතරක් විවෘත කර තිබෙනවා. ඒ හේතුවෙන් දැදුරු ඔයේ පහළ ප්‍රදේශවල ජීවත් වන ජනතාව විමසිලිමත් වන ලෙසයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙන්නේ.
පවතින වර්ෂාවත් සමඟ පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම ඉහළයාමෙන් වාන් දොරටු හතරක් විවෘත කෙරුණා. මේ අතර හේවාහැට – රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ හොරමඩුල්ල ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් ගමනාගමන කටයුතුවලට බාධා මතුවූ බවයි පොලිසිය සඳහන් කළේ.
Post a Comment