පොලිස් කොමිසමට නව සාමාජිකයන් පත්කිරීමේ අවසන් තීරණය ලබන සතියේ ප‍්‍රකාශයට පත්කෙරෙනවා.
ඒ බව කොමිසමේ වත්මන් සාමාජිකයන්ට දැනුම්දී ඇති බවයි කථානායක කරු ජයසූරිය මහතා පවසන්නේ. ඒ බව කථානායකවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති විශේෂ හමුවකදී දැනුම්දුන් බවත් කථානායක මාධ්‍ය ඒකකය සඳහන් කළා. ජාතික පොලිස් කොමිසමේ වත්මන් සාමාජිකයන්ගේ වසර තුනක නිල කාලය පසුගිය හතර වනදා අවසන් වුණා. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනූව නව සාමාජිකයන් පත්කරන තෙක් වර්තමාන සාමාජිකයන්ගේ නිල කාලය තවදුරටත් වලංගු වනවා.
Post a Comment