Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිටපු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරී සම්පත් දයානන්ද 8වනදා තෙක් රිමාන්ඩ්  

Add comments

හිටපු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වන ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද නොවැම්බර් මස 8 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. 2009 වර්ෂයේ දී කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමට අදාල සිද්ධියට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

වඩුවේලි පක්කිලසාමි ලෝගනාදන් සහ රත්නසාමි පරමානන්දන් යන අය වෑන් රථයකින් වැල්ලවත්ත ප්‍රදේශයට ගමන් කිරීමේ දී පැහැර ගැනීමට ලක් වීම සම්බන්ධයෙනුයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ. පැහැර ගැනීමට ලක්වුණු පක්කිලසාමි ලෝගනාදන් නැමැත්තා ට අයත් වෑන් රථය කොටස් කෑලි 72 ට කපා තිබියදී වැලිසර නාවික හමුදා කඳවුරේ තිබියදී හමුවී ඇති බව පොලිසිය අධිකරණයට දැන්වුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරි ලුතිනන් කමාන්ඩර් ධම්මික අමිල මාපා යන අය මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG