Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශිෂ්‍යත්වය අනිවාර්ය කර තිබූ චක්‍රලේඛය ඉවතට  

Add comments

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කර තිබූ චක්‍රලේඛය ඉවත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු රැසක් ඉදිරියේදී ගැනීමට නියමිත බවයි අමාත්‍යවරයා තවදුරටත් සදහන් කරන්නේ.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් පළ කළේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්. විදුහල්පතිනි ජයනි ප්‍රිශංගිකා මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය ද ආරාධිතයන් රැසක් ද ඊට එක්ව සිටියා. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යුහගතකරණය සදහා පත්කළ සමාලෝචන කමිටුව අමාත්‍යාංශයේ දී අද (25) උදෑසන රැස්වූ බවයි. ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වූයේ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීමේ අරමුණෙන් සහ පහසුකම් සහිත මධ්‍ය මහා විද්‍යාලවලට ඇතුළත් කිරීම සදහායි. එහෙත් මේ වනවිට එය බරපතල හිංසාකාරී විභාගයක් බවට පත්ව ඇති බව කමිටුවේ අවදානයට ලක්ව තිබෙනවා. ශිෂ්‍යාධාර සදහා වාර්ෂිකව වැයකරන මුදල රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයක්. එහෙත් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පමණක් වැයවන මුදල රුපියල් කෝටි දෙකකට ආසන්න බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG