සවුදියට එරෙහිව ජාත්‍යන්තර සම්බාධක පැනවුවහොත් ඊට සහාය ලබාදීමට සුදානම් බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ප්‍රකාශ කළා.
ඒ සවුදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින්. ඝාතනයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට සහාය දෙන බවයි ප්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කළේ. සවුදි ඔටුන්න හිමි කුමරු සමග ජනාධිපතිවරයා දුරකථන සංවාදයක ද නිරතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Post a Comment