Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටියුනිසීයාවේ බෝම්බ පිපිරීමක් – 9 කට තුවාල  

Add comments

ටියුනිසීයාවේ ටියුනිස් අගනුවර දී කාන්තාවක් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගැනීම හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලැබුවා.

මෙලෙස බෝම්බය පුපුරවා ගත් කාන්තාව 30 හැවිරිදි වියේ පසු වූ තැනැත්තියක බව හඳුනාගෙන තිබෙනවා. ඇයට මීට පෙර ත්‍රස්ත සබඳතා පැවත නැති බවයි ටියුනිසීයාවේ ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ. කෙසේ වෙතත් මෙම පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක් ලෙස නම් කිරීමට එරට අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් කිසිවෙකු ජිවිතක්ෂයට පත්ව නැති අතර ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් භාරගෙන නැහැ. ටියුනිසීයාවේ මීට වසර කිහිපයකට පමණ පෙර සිදුවූ ප්‍රහාර දෙකකින් පසුව එරට සංචාරක කර්මාන්තය ගොඩ නඟමින් යළි ප්‍රකෘති තත්වයට පත්වන අවස්ථාවකදීයි මෙලෙස බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG