Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිටපු අමාත්‍ය අර්ජුන අත්අඩංගුවට  

Add comments

දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගැනුණා. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සමඟ ඛනිජ තෙල් සේවක වර්ජනය ද අවසන් කෙරුණා.

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට පැමිණ කාර්යාලවලට බලහත්කාරයෙන් ඇතුළුවීමට ඊයේ පස්වරුවේ උත්සාහ දැරුවා. ඔහු එම කාර්යාලවල තිබූ ලිපි ලේඛන ලබා ගැනීමට පැමිණී බවටයි වාර්තා වුණේ. කාර්යාලවලට ඇතුළු වීම වැළැක්වීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ආරක්ෂක අංශය කටයුතු කළා.එම අවස්ථාවේ නොසන්සුන්කාරී  තත්ත්වයක් ඇති වූ අතර සේවකයන් හිටපු අමාත්‍යවරයාට දැඩි විරෝධය එල්ල කළා. එහිදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත්තා. හිටපු අමාත්‍යවරයාගේ හැසිරීමට විරෝධය දක්වමින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඛනිජතෙල් නීතිගත සංස්ථා සේවකයින් වර්ජනයක නිරත වුණා. ඒ සමග ඊයේ රාත්‍රියේ සිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල දැඩි පෝලිම් දැකගත හැකි වුණා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.

අර්ජුණ රණතුංග මහතා අත්අඩංගුවට ගැනීමත් සමඟ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සුපුරුදු ආකාරයෙන් සිදු කිරීමට ඛනිජතෙල් සේවකයන් පියවර ගත්තා. දිවයිනේ සෑම ප්‍රදේශයකටම ඛනිජ තෙල් බෙදා හැරීමේ කටයුතු සුපුරුදු ලෙස සිදු කෙරෙනවා.

මේ අතර ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේදී වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සේවකයා ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. රංගන රාජපක්ෂ නම් ඔහු 36 හැවිරිදි එක් දරු පියෙක්. ඔහුගේ දේහය ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයට අද රාත්‍රියේ රැගෙන ගොස් අනතුරුව නිවස වෙත රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG