
මත්තේගොඩ බැංකු කොල්ලයට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනා මුදල් හා රන් භාණ්ඩ ද සමග අද අලුයම අත්අඩංගුවට ගැනුණා. ඒ ගල්කිස්ස කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් සිදු කළ මෙහෙයුමකදි.
මත්තේගොඩ රාජ්‍ය බැංකු ශාඛාවක් කොල්ලකෑමට ලක් වුණේ පසුගිය 26 වනදායි. ගිනි අවි සහිතව පැමිණි තුන්දෙනෙකු බැංකුවේ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පළාගොස් තිබුණා.මෙම සැකකරුවන් තුන්දෙනා අද අලුයම ඔවුන්ගේ නිවෙස්වලදීම අත්අඩංගුවට ගැනිමට හැකි වූ බවයි පොලීසිය පවසන්නේ. ඒ ගොඩගම සහ පාදුක්ක ප්‍රදේශවලදී. බැංකුවෙන් කොල්ලකන ලද රුපියල් ලක්ෂ 93 කට ආසන්න මුදලක් සහ ලක්ෂ 493කට ආසන්න රන් භාණ්ඩ ද අත්අඩංගුවට ගැනුණා. ඒ එක් සැකකරුවකුගේ නිවස පිටුපස වල දමා තිබියදී.
මේ අතර කොල්ලකරුවන් රැගෙන ගොස් තිබූ බැංකුවේ CCTV කැමරාවල දත්ත ගබඩා ඒකකය හංවැල්ල පරණපාර ප්‍රදේශයෙන් කැලණි ගගට දමා ඇති බව හෙළි වුණා. ඊට සම්බන්ධ සැකකරු ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙම සිද්ධියේ පළමු සැකකරුගේ ඥාති සොහොයුරෙකු බව පොලිසිය පවසනවා. දත්ත ගබඩා ඒකකය සොයා ගැනීමේ මෙහෙයුම්ද ක්‍රියාත්මකයි. ගල්කිස්ස කොට්ඨාස විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරනවා.
Post a Comment