Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් හෙළි වූ ප‍්‍රවේශපත් මගඩිය  

Add comments

ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2011 වසරේදී ඉන්ටර්විස්ටා, වයා කැපිටල් යන ආයතනවල උපදේශක තනතුරු සඳහා ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පත් 30ක් නොමිලේ නිකුත් කර ඇති බව අද (02) හෙළි වුණා. ඒ ශ්‍රී ලංකන් ගුවන්, ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා යන ආයතනවල සිදු වූ බව කියන අක්‍රමිකතා සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම රැස් වූ අවස්ථාවේදීයි.

අද (02) කොමිසම හමුවේ සාක්ෂි දුන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය කළමණාකරණ ප්‍රධානි යසන්ත දිසානායක මහතායි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම ගුවන් ටිකට්පත් නිකුත් කර තිබුණේ යුරෝපය, ආසියාව හා මැද‍පෙරදිග සඳහා නිකුත් කර තිබූ බව දිසානායක මහතා සාක්ෂි දෙමින් කියා සිටියා. මෙම ගුවන් ටිකට්පත්වල වටිනාකම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මුදල් අංශය විසින් කිසිදු ගණනය කිරීමක් සිදු කර නොමැති බවද ඒ මහතා කොමිසම හමුවේ පෙන්වා දුන්නා.

මේ අතර පාඩු ලබමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාලම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරිම සඳහා සකස් කළ නව ව්‍යාපාරික සැළැස්ම සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරුණා. 2010 අගෝස්තු 30 වන දින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ විසින් පත් කළ පංච පුද්ගල කමිටුව විසින් මෙම සැළැස්ම සඳහා ඇගයුම් සමාගමක් ලෙස වයා කැපිටල් ඉන්ටර්විස්ටා සමාගම පත් කරගෙන තිබුණා.  වයා කැපිටල් ඉන්ටර්විස්ටා සමාගම් සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම අතර ගිවිසුම ඇති වීමට පෙර ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් යොමු කරන ලද යෝජනාවලිය නොසලකා හැර වයා කැපිටල් ඉන්ටර්විස්ටා සමාගම විසින් ගිවිසුම වෙනුවෙන් නව යෝජනාවලියක් සකස්කර තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ව්‍යාපාරික සැලසුමේ වලංගුභාවය හා විශ්ලේෂණය පිළිබද අධ්‍යයනය කිරීමට තරම් වයා කැපිටල් ඉන්ටර්විස්ටා සමාගමට ඇති සුදුසුකම පිළිබද කොමිසම විසින් ප්‍රශ්න කළා. හිටපු ප්‍රධාන විධායක නිලධාරී මනෝජ් ගුණවර්ධන හා තමා වයා කැපිටල් සමාගම ඉදිරිපත් කළ යෝජනාවලිය අනුව කටයුතු කළ බවත් එම යෝජනාවලියේ බැහැර කළ යුතු කිසිදු කරුණක් තමාට හමු නොවූ බවත් දිසානායක මහතා කියාසිටියා. කෙසේ වෙතත් මීට පෙර කොමිසම රැස්වූ අවස්ථාවකදී අනාවරණය වුණේ වයා කැපිටල් සමාගමට සිවිල් ගුවන් සේවා උපදේශනය සම්බන්ධයෙන් කිසිදු ඉතිහාසයක් නොමැති බවයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG