Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැන්මුන්ජම් හි අවි ආයුධ ඉවත් කිරීමට උතුරු සහ ද. කොරියා එකග වෙයි  

Add comments

උතුරු සහ දකුණූ කොරියාවේ සටන් විරාම නගරය ලෙස සැළ‍කෙන පැන්මුන්ජම් හි යොදවා තිබෙන ආරක්ෂක හමුදා මුරපලවල් සහ එහි අවි ආයුධ ඉවත් කිරීමට එම රටවල් දෙක එකගතාවකට පැමිණ තිබෙනවා.

එමෙන්ම ඒකාබද්ධ ආරක්ෂක බල ප්‍රදේශයක් ලෙස හැදින්වෙන පැන්මුන්ජම් නගරය කොරියා රටවල් දෙකම මුනගැසෙන ස්ථානයක් ද  වනවා.  මෙලෙස අවි ආයුධ ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ රටවල් දෙක අතරේ පවතින යුදමය තත්ත්වය අවම කිරීමටයි. පසුගියදා රටවල් දෙකෙහිම හමුදා අංශ එක්ව පැන්මුන්ජම් දේශසීමාවේ වලලා දමා තිබූ ලක්ෂ අටක බිම්බෝම්බ ප්‍රමාණයක් ඉවත් කිරීමටත් පියවර ගත්තා. දකුණු කොරියා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කොරියා හමුදා සහ එක්සත් ජාතින්ගේ සංවිධානය මෙහෙයවන  ඇමෙරිකා හමුදා මෙම මාසයේ 25 වනදා සිට ගිනිඅවි සහ හමුදා  මුරපලවල් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG