පස්වරු දෙකෙන් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා ප්‍රකාශ කරන්නේ.
අකුණු අනතුරු පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දුන්නා. දමන වෙහෙරගල ප්‍රදේශයේ ගොවිතැන් කරමින් සිටි හතර දෙනෙකුට ඊයේ අකුණු සැර වැදී තිබෙනවා. පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ඊට ඇතුළත්. ඔවුන් තොට්ටම රෝහලට ඇතුළත් කිරිමෙන් පසු එක් පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
Post a Comment