Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙක්සිකෝවේ නිරිතදිග වෙරළ කලාපයට ප්‍රබල සුළි කුණාටු අවදානමක්  

Add comments

මෙක්සිකෝවේ නිරිතදිග වෙරළ කලාපයට ප්‍රබල සුළි කුණාටුවකින් බලපෑම් එල්ල විය හැකි බව එරට කාළගුණ අංශ සදහන් කරනවා.

විල්ලා ලෙස හැදින්වෙන මෙම සුළි කුණාටුව අද දිනයේ දී මෙක්සිකෝවේ නිරිතදිග වෙරළ තීරයෙන් ඇතුළු විය හැකි බවයි එරට ජාතික සුළි කුණාටු අංශය අනතුරු අගවන්නේ. පස්වන කාණ්ඩයට අයත් සුලි කුණාටුවක් ලෙස පැවති මෙම සුළි කුණාටුව මේ වන විට හතර වන කාණ්ඩයට පත්ව ඇති බව ද සදහන්. නමුත් එහි ප්‍රබලත්වය මෙතෙක් අඩු වී නොමැති බවද කාළගුණ අංශ පෙන්වා දෙනවා. මේ වන විටත් අධික වැසි සහිත සුළං තත්වයක් දැකි ගත හැකි බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් අධික ගංවතුර තත්ත්වයක් ද හටගත හැකි බව ආපදා අංශ අනතුරු අගවනවා. විල්ලා සුළි කුණාටුව හේතුවෙන් මිලිමීටර් හතළිස් හය ඉක්මවන වර්ෂාපතනයක් ඇති වන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 250 ඉක්මවනු ඇති බවද වාර්තා වනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG