මේ දිනවල කඳුකරයට ධාරානිපාත වැසි ඇද හැලෙමින් පවතිනවා. මේ හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ (25) විවෘත කෙරුණා.
වර්ග කිලෝමීටර් 1869ක වපසරියක ව්‍යාප්ත වී ඇති වික්ටෝරියා ජලාශයේ උපරිම ජල ධාරිතාව ඝනමීටර් මිලියන 723ක්. මේ වන විට විවෘත කර ඇති දොරටු දෙකෙන් තත්ත්පරයට ඝන මීටර් 156ක ජල ධාරිතාවක් මුදා හැරෙන අතර අධික වැසි හේතුවෙන් ඉදිරියේදී රන්දෙනිගල ජලාශයේ ද වාන් දොරටු විවෘත කිරීමට ආසන්නයට පැමිණ තිබෙනවා.
Post a Comment