අනුරාධපුර දිස්ත්රික්කයේ තවත් හෙක්ටයාර දස දහසක වී වගා කිරිමට තීරණය කර තිබෙනවා. මීට පෙර හෙක්ටයාර එක් ලක්ෂ විසි එක් දහසක වී වගා කිරිමටයි සැලසුම් කළේ.
එහෙත් දේශගුණ වෙනස්වීම් සැලකිල්ලට ගෙන එම ප්රමාණය හෙක්ටයාර තිස් එක් දහසක් දක්වා වැඩි කිරිමට තීරණය කළ බව අනුරාධපුර දිස්ත්රික් ලේකම් ආර් එම් වන්නිනායක මහතා ප්රකාශ කළා. දිස්ත්රික්කයේ වගා කන්න පහකට හානි සිදුව තිබෙනවා. ඒ පිළිබඳවද අවධානය යොමු කරන බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් දිස්ත්රික් ලේකම්වරයා සඳහන් කළේ.
Post a Comment